Friday, March 25, 2011

වෙබ් අඩවිවල ඇඩ් දැමීමෙන් මුදල් උපයමු

අපට පරිත්යාගකල බ්ලොග් එකක ඉදන් ලියන් වීම ගැන සතුටක් වගේම අප විසින් සකස්කල දෙවනි බ්ලොග් එකත් අපට අහිමි කිරීම ගැන පොඩි දුකකුත් තියනව.අපේ ගමන් මග කවදාවත් ඔය මකුලු දැලක් හරස් කර නවත්වන්නත් බෑ.අපි මේ ගමන් නවත්වන් සූදානමකුත් නෑ.

හරි දැන් එහෙනම් වැඩේ පටාන් ගමු.අද ඉදන් අපි ඇඩ්සෙන්ස් ආදාරයෙන් මුදල් ඉපඊම පිලිබදව ලිපිමාලාවක් පලකරන් කියල තමයි හිතන් ඉන්නෙ.



ඇඩ්සෙන්ස් කරන් වෙබ් අඩවියක් බ්ලොග් අඩවියක් තියෙන් ඔනේ.පහත ලින්ක් වලින් ඒ ගැන ඔබට හැදෑරීමට පුලුවන

බ්ලොග් අඩවියක් නිර්මානය

නොමිලේ වෙබ් අඩවියක් නිර්මානය

බ්ලොග් එකක් ලියල විතරක් හරියන් නෑනෙ ඔබට එම බ්ලොග් එකට හොද පෝස්ට් තියෙන් ඔනෙ ඒසදහාත් අපි උදවු කරන් සූදානම් ඔබට කරන් තියෙන් අප හා රැදෙමින් මෙම ලිපි පෙල කියවීම පමනකි(ඔබට පහසුවෙන් පොස්ට් දමන විදියක් අප ඊලග ලිපියෙන් ඉදිරිපත් කරන් සූදානම් ඔටො බ්ලොගින් නම් නෙවෙයි)

වෙබි අඩවි සදහා දැන්වීමි සපයන හොද ආයතනද කිහිපයක් ඇත.
Google adsense ,  Adbrite ,  Geegain ,  Smowtion ,  Clicksor ,  BidVertiser
 ආදිය ඉන් ප‍්‍රධානයි.

එහේනම් එකින් එක ගැන බලමු

Google adsense (ගූගල් ඇඩිසෙන්ස්) සදහා නමි පහසුම ක‍්‍රමය වනුයේ  බ්ලොග් එකක් හරහා ඇඩි ඉල්ලුමි කිරීමයි. ගුගල් ඇඩිසෙන්ස් හි නීති රීති ඉතා වැඩි වන අතර ඔවුන් අපට ගෙවන මුදලද ඉතා වැඩියි. මෙ සදහා ක‍්‍රමානුකූල ලෙස වෙබි අඩවිය සකස් කර ගැනීම අනිවාර්යය.

ඔබට ලබාගැනීමට අපහසුම වන්නේ ගුගල් ඇඩ්සෙන්ස් ඔබ මේ සදහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙනවානම්  වෙනත් ඇඩ් දෙන ආයතන වල ඇඩ් බ්ලොගය තුලට නොදමන්න.ඔබ මාසයක් පමන බ්ලොග් එක හොදින් අප්ගේඩ් කරන්න.(ඔබට පහසුවෙන් පොස්ට් දමන විදියක් අප ඊලග ලිපියෙන් ඉදිරිපත් කරන් සූදානම් ඔටො බ්ලොගින් නම් නෙවෙයි)සෑම දිනකම ඔබේ බ්ලොග් එකට 100ක පමන පිරිසක් ගෙන්වාගන්න පේස් බුක් වැනි සයිට් ඒ සදහා බාවිතාකරන් පුලුවන් මම ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයපු විදිය පහතින් දක්වා ඇත ඒ ඔබේ උනන්දුව වැඩිකිරීම සදහා මට මුල් මාසවල රැපියල් 10ක් වත් උපයන් බැරිඋනා නමුත් දැන් දිනකට 8$ පමන උපයනව


ඇඩ්සෙන්ස් ගිනුම ආරම්බ කල දිනයන්හි ආදායම

පසුගිය මාස්යේ අදායම

 අද දින අදායම

 ඔබත් යම් කෙනෙකුගේ වෙබ් අඩවියකට ගියානම් ඔබ කිනම් හොදෙයක් ඔබේ දැනුමට පරිගනකයේ කුමක් හො දෙයකට සොෆ්ට්වෙයා එකක් හො ගත්තනම් ගෙවීමක් වසයෙන් ඇඩ් එකක්ක්ලික් කරන් ඔබට සමහරවිට එහිත් යමක් ගන් තිබෙන් පුලුවන්.එයින් ඔබට ව්ගේම වෙබ් අඩවිය සතු කෙනාට වගේම රටටත් සේවයක් වෙයි.ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයන් මෙතරම් අපහසුත් නොවේවි.දැන් එහෙනම් අනිකුත් ඇඩ් දෙන ආයතන පිලිබදව කේටි විමසුමක් කරමු

www.adbrite.com (ඇඩිබ‍්‍රයිටි) දැන්වීමි ඔනෑම වෙබි අඩවියක් හරහා ප‍්‍රචාරනය කල හැකි වුවත් Blogger බිලොග් තුලට සුදුසු නැත. සමහර අවස්ථා වලදී ඇඩිබ‍්‍රයිටි ඇඩි දැමීමෙන් පසු බිලොග් එක අහෝසි වෙයි. ගූගල් මෙන්ම ඇඩිබ‍්‍රයිටි තුලින්ද චෙක්පතක්  ලෙසින්  මුදල් ගෙන්වා ගත හැකිය. ගූගල් ඇඩිසෙන්ස් වල අවම මුදල් ගෙවීම $100 වුවත් ඇඩිබ‍්‍රයිටි වලින් $5 සිට මුදල් ගෙන්වා ගත හැකිය. නමුත් ඇඩිබ‍්‍රයිටි මුදල් එවනුයේ මාස දෙකකට පසුවයි. ඇඩිබ‍්‍රයිටි ඇඩි දර්ශනය වන්නේ ඉතා අඩු වශයෙනි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

Geegain අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Alertpay හරහා අපට ලබා ගත හැකිය. ලියාපදිංචි වීමෙිදී ඔවුන් අපට $5 ප‍්‍රසාද දීමනාවක් දෙනු ලබන අතරම අවශ්‍ය නමි එම මුදලින් අපගේ වෙබි අඩවිය ප‍්‍රචාරණය කර ගැනීමටද හැකියාව තියෙනවා. මෙය ලංකාවෙ ආයතනයක්. තමන්ට ලැබෙන Referrals ලින්ක් එක හරහා යමෙක් මෙහි දැන්වීමි දැමුවොත් එයින්ද හොද කොමිස් මුදලක් ගෙවන ලබයි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.    

 Smowtion  මෙහි අවම මුදල් ගෙවීම  $1 ක් වන අතර චෙක් මගින් හෝ ATM මගින් මුදල් ගන්න පුලුවන්. මෙම දැන්වීමි දැමිය යුත්තේ අප ඉල්ලුමි කරන වෙබි අඩවියේ පමනයි. මෙහි ඉමිප්‍රෙෂන්ස් වලටත් මුදල් ගෙවනු ලබයි.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.  

 
Clicksor  මෙහි අවම මුදල් ගෙවීම $50  සිට වන අතර චෙක් මගින් මුදල් ගන්න පුලුවන්. මෙය හොද දැන්වීමි සේවාවක් සපයන ආයතනයක්.  සයිටි ඔන තරමි ප‍්‍රමානයකට දැන්වීමි ගන්න පුලුවන්.
 ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.  

BidVertiser මෙහි අවම මුදල් ගෙවීම $50  සිට වන අතර චෙක් මගින් මුදල් ගන්න පුලුවන්. මෙය හොද දැන්වීමි සේවාවක් සපයන ආයතනයක්.

ඉතින් මේ කොයි ආකාරයේ ඇන්වීම් සපයන ආයතන වලින් වුවත් අපට මුදල් ගන්න පුලුවන්. අවශ්‍ය වන්නේ වෙබ් අඩවියට වැඩි පුර විසිටර්ස්ලා (visitors) පැමිණීම විතරයි. කිසිවිටකත්  අනෙක් දැන්වීම් එකම වෙබ් පිටුවේ කලවමේ නොදමන්නට මතක තබාගන්න.  ටිකක් මහන්සි වෙලා වෙබ්  අඩවිය හොදට හදාගන්න. ඉන් පසුව මෙම ක‍්‍රම වලට අනුව ප‍්‍රචාරනය කරන්න.  ඔබේ උත්සාහය ඔබේ දියුණුවයි.