Showing posts with label මුදල් අතට ගමු. Show all posts
Showing posts with label මුදල් අතට ගමු. Show all posts

Friday, March 11, 2011

Alertpay මගින් මුදල් ලබා ගන්නෙ කොහොමද?Credit Card එක සහ Debit Card එක

ඔබට Credit Card එකක් හරි Debit Card එකක් හරි තියෙනව.මෙමගින් මුදල් ලබා ගැනීමේදී $5ක ගාස්තුවක් වැයවෙනව.ඒ වගේම දින 7ක් වැනි කෙටි කාලයකින් ඔබට මුදල් ලබා ගන්න පුළුවන්.Credit Card පතට මුදල් Withdraw කලානම් ඔබේ බැංකු ගිණුමේ එය සටහන් වෙනව.නමුත් Debit Card පතින් මුදල් ලබා ගැනීමේදී ඔබට එම මුදල් ලබා ගන්නට පුළුවන් Debit Card පතින්ම පමණයි.බැංකු ගිණුමේ එය සටහන් වෙන්නේ නැහැ.
Credit Card එක සහ Debit Card එක ඔබේ Alertpay Account එකට Add කරන්නෙ එකම විදියට.ඒ නිසා ඔබ Add  කරන්නෙ Credit Card එකක් Debit Card වුනත් එකක් වුනත් ඔබට පුළුවන් පහත සදහන් ක්‍රම අනුගමනය කරන්න.
1.මුලින්ම ඔබේ Alertpay Account එකට Log  වෙලා Add Credit Card Click කරන්න.
2.Card Number යන ස්ථානයට ඔබගේ Card පතෙහි ඉදිරිපස ඇති Number එකද,Expiration Date යන ස්ථානයට ඔබගේ Card පත කල් ඉකුත් වන දිනයද,(එය Card පතෙහි සටහන් වෙනවා.),Verification Code යන ස්ථානයට Card පත පිටුපස අත්සන යෙදූ තීරුවේ ඇති ඉලක්කම් 3ක අංකයද ඇතුලත් කර Next Click කරන්න.
3.ඔබ ඇතුළත් කල තොරතුරු නිවැරදිදැයි බලා පහළ ඇති කුඩා Box එක Mark කර Submit Click කරන්න.
4.Card පත නිවැරදිව Add  කල පසු ඔබට මෙවැනි පණිවිඩයක් ලැබේවි.

5.දැන් ඔබේ Account එකේ ඇති Withdraw click කරන්න.
 6.Credit Card යන්න Click කරන්න.
7.ඔබ Withdraw කිරීමට බලාපොරොත්තු වන මුදල Amount යන ස්ථානයේ ඉලක්කමෙන් Type කර Next click කරන්න.
8.දැන් ඔබේ Transaction pin එක ඇතුළත් කර Withdraw Click කරන්න.මෙහි රතු පාටින් ඉහත ඇති පණිවිඩයට බිය විය යුතු නැහැ.$5ට අමතරව අපේ රටට මුදල් ලබා ගැනීමේදී වෙනත් කිසිදු ගාස්තුවක් අය වෙන්නේ නැහැ.
9.දැන් ඔබට පහත සදහන් පරිදි පණිවිඩයක් ලැබේවි.
10.සිදුකල ගණුදෙනුව ඔබගේ ගිණුමේ සටහන් වන්නේ පහත ආකාරයටයි.
*Pending යනුවෙන් සටහන් වෙන මෙම ගණුදෙණුව දින 4කට පසු Completed යනුවෙන් ඔබට පෙනේවි.

*ඉනුත් දින 3කට පමණ පසු ඔබ භාවිතා කලේ Credit Card පතක් නම් ඔබේ Account එකට මුදල් ලැබේවි.
*නමුත් ඔබ භාවිතා කලේ Debit Card පතක් නම් ඔබ අදාල බැකුවේ Card center එක අමතා ඔබේ Debit Card පතට මුදල් යැවූ බව පැවසිය යුතු වෙනවා.සම්පත් බැකුවේ නම්,0114730480 අංකය අමතා ඔබට මේ බව පැවසිය හැකියි.HNB 0112671955
*ඉනුත් දින 2කට පසු ඔබට ඔබේ Debit Card පතින් අදාල මුදල් ලබා ගන්නට පුළුවන්.
කිසියම් ගැටළුවක් වෙතොත් ඔබට පුළුවන් ඒ පිළිබදව අපෙන් විමසීමට.

අපෙන් සුභ පැතුම්!

Alertpay මගින් මුදල් ලබා ගන්නෙ කොහොමද?Bank Wire එකක් මගින්

Alertpay වලින් මුදල් ලබා ගන්නෙ කොහොමද යන මාතෘකාව යටතේ පටන් ගත්තු ලිපි පෙළේ දෙවැනි ලිපිය තමයි මේ.පළමු ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න.
මූලික ලිපියෙන් පැහැදිළි කලේ චෙක්පතක් මගින් මුදල් ලබාගන්නෙ කොහොමද කියලයි.අද මම පැහැදිළි කරන්නෙ Bank Wire එකක් මගින් මුදල් ලබා ගන්නෙ කොහොමද කියලයි.මේක හරි ඉක්මන් ක්‍රමයක්.මුදල්  Withdraw කරල දින 7කින්(සෙනසුරාදා,ඉරිදා දින හැර.)ඔබේ බැංකු ගිණුමට මුදල් බැර වෙනව.නමුත් මෙහිදී මම කියන්නම ඕනෙ ඉතාමත් සුළු පරිමානයෙන් මුදල් හොයන කෙනෙකුටනම් මේ ක්‍රමය හරි යන්නෙ නැහැ.මොකද මේ ක්‍රමයෙන් මුදල් ලබා ගන්න $15ක් වැනි මුදලක් වැය වෙනව.උදාහරණයක් විදියට ගත්තොත් ඔයාල $115ක් Withdraw කලොත් ඔයාලට ලැබෙන්නෙ $100ක මුදල් පමණයි.ටිකක් වැඩිපුර මුදල් හොයන කෙනෙකුටනම් මේක මහ ලොකු ගාස්තුවකුත් නෙවෙයි.මොකද මුදල් ඉක්මනින් ලැබෙන නිසා.
හොදයි මේ විදියට මුදල් ලබා ගන්න කැමතිනම් ඔබ මුලින්ම ඔබේ Account එකට Log වෙන්න.දැන් Add a Bank Account Click කරල ඔබේ Bank Account එක Add කරන්න ඕනෙ.
Add a Bank Account Click කලාට පස්සෙ මේ විදියෙ Page එකක් එනව.
Country ඔබේ රට තෝරන්න.
Currency U.S .Dollars තෝරන්න.
Account Type ඔබේ බැංකු ගිණුම් වර්ගය තෝරන්න.(ඉතිරි කිරීමේ ගිණුමක් නම් Personal Savings)
First name අවශ්‍යනම් මුල් නමෙහි යම් වෙනසක් සිදුකල හැකියි.(ඔබ Alertpay ගිණුමට ලබා
දුන් මුල් නම සහ  ඔබගේ බැංකු ගිණුමේ මුල් නම වෙනස් නම් එය හදන්නට
පුලුවන්)
Last Name මෙය වෙනස් කල නොහැකියි.
Account Number. ඔබේ බැංකු  ගිණුම් අංකය ලබාදෙන්න.
Bank Code. ඔබේ බැංකු ගිණුම අයත් බැංකුවේ code එක.මෙය බැංකුවෙන් බැංකුවට වෙනස්.
Sampath Bank         7278
People’s Bank          7135
BOC Bank               7010
Seylan Bank             7287
(මෙය ඔබේ බැංකුවෙන් ලබා ගත හැකියි.)
Branch Code (ඔබේ ශාකාවෙන් විමසා දැන ගත හැකියි.)

SWIFT BIC (මෙය ඔබේ බැංකුවෙන් ලබා ගත හැකියි.)
Sampath Bank          BSAMLKLX
Commercial Bank CCEYLKLX
People’s Bank PSBKLKLX
Bank Name බැංකු  වේ නම
Bank Phone Number ඔබේ බැංකු ශාඛාවේ දුරකථන අංකය
Bank Contact Name ඔබේ බැංකුවෙ නම පමණක් යෙදීම ප්‍රමාණවත්.කලමණාකරුගේ නම යොදන්නටත් පුළුවන්.
සියල්ල සම්පූර්ණ කිරීමෙන්  පසු Next Click කරන්න.Next Click කිරීමෙන් පසු ඔබ ඇතුළත් කල තොරතුරු පහත සදහන් පරිදි ලැබෙනු ඇති.නිවැරදිතාවය පරික්ෂා කර බලා.Add Bank Account යන්න Click කරන්න. 
ඔබේ Account  එක Add කල පසු මෙවැනි පණිවිඩයක් ලැබේවි.
දැන් ඔබට ඔබ Add කල Account  එකට ඔබේ මුදල් Withdraw කරන්නට පුළුවන්.ඒ සදහා Account එකේ Withdraw Click  කරන්න.

පහත සදහන් පරිදි ලැබෙන Page එකෙහි ඔබ Withdraw කිරීමට අදහස් කරන මුදල ඉලක්කමෙන් Type කර  Next Click කරන්න .Details යන තැන හිස්ව තබන්න.

ඉන්පසුව ඔබේ Transaction Pin එක ඇතුළත් කර Withdraw යන්න Click කරන්න.
එවිට ඔබට පහත සදහන් පරිදි පණිවිඩයක් ලැබෙනු ඇති.
Cancel Transaction යන්න Click කලහොත් ඔබ සිදුකල ක්‍රියව අවලන්ගු වී Withdraw කල මුදල් යලිත් ඔබේ Alertpay ගිණුමට ලැබෙනවා.
මෙම ක්‍රියාව ඔබේ Alertpay Account එකේ සදහන් වෙන්නේ මේ විදියටයි.
Pending  යනුවෙන් සටහන් වෙන මෙම ගණුදෙනුව දින 4කට පසු Completed යනුවෙන් සටහන් වෙනවා.
ඉනුත් දින 3කට පසුව ඔබේ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමට මුදල් බැර වෙනවා.ඔබ මේ පිළිබදව බැංකුවට දැනුම් දීමක් හෝ විමසීමක් අවශ්‍ය වන්නේ නැහැ.
තව දෙයක් මෙහිදී සදහන් කල යුතුයි.මා ගණුදෙනු කරන්නේ සම්පත් බැංකුවෙන්.සම්පත් බැංකුවේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට මෙලෙස Bank wire එකකින් මුදල් යවන්නට පුළුවන්.නමුත් වෙනත් බැංකු ගිණුමක් ඔබට හිමියි නම් මෙය සිදු කිරීමට පෙර අදාල බැංකුවෙන් විමසීමක් කරන එක සුදුසුයි.මා දන්නා තරමින්නම් ලංකාවේ ඕනෑම ගිණුමකට මේ විදියට මුදල් යවන්නට පුළුවන්.
Credit Card සහ Debit Card මගින් මුදල් ලබා ගන්නේ කෙසේද කියා මීළග ලිපියෙන් පැහැදිළි කර දීමට බලාපොරොත්තු වෙනවා.එහෙනම් ඔබට ජය.නොදන්න ඕනෙම දෙයක් අපෙන් විමසන්න.

Alertpay මගින් මුදල් ලබා ගන්නෙ කොහොමද? චෙක්පතක් මගින්

Alertpay වල Register වෙලා මුදල් හොයන හුගක් අයට තියෙන ලොකුම ගැටළුව තමයි තමන්ගෙ මුදල් ආරක්ෂිතව තමන් අතට ගන්නෙ කොහොමද කියන එක.හුගාක් අයගෙ ඉල්ලීම මත Alertpay වලින් මුදල් ලබා ගන්නා ක්‍රම ගැන ලිපි පෙලක් ලියන්න මම අදහස් කලා.ඒක මේ පිළිබදව උනන්දු හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව.
හැබැයි දැන් Alertpay මගින් Debit Card එකක් ලබාදෙනව.ඒක තවම හැම කෙනෙකුටම ලබා ගැනීමේ හැකියාවක් නැහැ.ඉදිරියේදී මෙය හැම කෙනෙකුටම ලැබෙයි.
එතකොට මේ එක ක්‍රමයක්වත් නැතුව ලෝකයේ ඕනැම තැනකින් මුදල් ලබා ගැනීමේ පහසුකම ඔයාලට ලැබෙනව.එම පහසුකම අපි හැමෝටම ලැබෙනතුරු පහත සදහන් ක්‍රම වලින් මුදල් ලබාගන්න ඔයාලට පුලුවන්.
හොදයි එහෙමනම් මුලින්ම බලමු Alertpay වලින් මුදල් ලබා ගන්න ක්‍රම කීයක් තියෙනවද කියල.Alertpay Account එකට Log වෙලා Withdraw Click කලොත් ඔයාලට පෙනේවි මේ සදහා ක්‍රම 3ක් තියෙන බව.

මුලින්ම අපි බලමු පහසුම සහ ලාභදායීම ක්‍රමය වන චෙක්පතක් මගින් කොහොමද අපේ මුදල් ලබාගන්නෙ කියල.මෙහිදී ඔයාලගෙ ගිණුමේ අවම වශයෙන් $ 20ක් හෝ ඊට වැඩි මුදලක් තියෙන්න ඕනෙ.චෙක්පතක් ගෙන්වා ගැනීමට ඔබට $4ක මුදලක් වැය වෙනව.ඒ කියන්නෙ ඔබ $24ක් Withdraw  කලොත් $20ක මුදල් තමයි ඔබට ලැබෙන්නෙ..

1.ඔබේ ගිණුමේ Withdraw Click කරන්න.


2.Mail යටතේ ඇති Check  Click කරන්න.
3.From Balance ඉදිරියෙහි US Dollars තෝරන්න.Amount ඉදිරියෙන් ඔබ චෙක්පතින් ලබා ගැනීමටබලාපොරොත්තු වන මුදල Type කරන්න.Details තීරුව හිස්ව තබන්න.දැන් Next Click කරන්න.
4.ඉන්පසු ඔබට පහත සදහන් පරිදි ඔබ ඇතුළත් කල තොරතුරු ලැබේවි. Transaction Pin .යන ස්ථානයෙහි ඔබේ Alertpay Pin එක ඇතුළත් කර Withdraw Click කරන්න.
5.ඉන්පසු ඔබගේ ගණුදෙනුව සිදුවූ බවට පහත සදහන් පණිවුඩය ලැබේවි.
මෙසේ චෙක්පතක් Withdraw කර දින 14කින් පමණ ඔබගේ චෙක්පත නිවසටම ලැබෙනවා.චෙක්පත ලැබුනු පසු එය ඔබගේ බැංකු ගිණුමේ තැන්පත් කල යුතුයි.මෙසේ තැන්පත් කිරීමට පෙර ඔබ තවත් එක්දෙයක් කල යුතුයි.චෙක්පතෙහි අංක 6කින් යුතු Code එකක් ඇතුළත් වෙනවා.චෙක්පත ලැබුනු පසු ඔබ ඔබේ ගිණුමෙහි  Profile click කරන්න.
*දැන් Personal යටතේ ඇති Verifications Click  කරන්න.
 .
*දැන් Chech Withdrawal යන ස්ථානයෙහි ඔබේ Code එක Enter කර චෙක්පත Validate කරන්න.
දැන් ඔබට පුළුවන් ඔබේ චෙක්පත බැකු ගිණුමෙහි තැන්පත් කිරීමට .මෙසේ තැන්පත් කර දින 21ත් දින 30ත් ඇතුළත ඔබේ ගිණුමට මුදල් එකතු වෙනවා.මෙය ඉතාමත් දීර්ඝ කාලයක් ලෙස දැනුනත් හැම මාසයකම චෙක්පතක් Withdraw කල විට හැම මාසයකම ඔබේ ගිණුමට එම මුදල එකතු වෙනව.හරියටම කිව්වොත් මාසිකව වැටුපක් ලබනව වගෙයි.

මෙන්න ඔබටත් නොමිලේම payoneer card පතක්....

මුලින්ම ඔබ www.plimus.com වෙත පිවිසෙන්න
දැන් රෙජිස්ටර් යන්න ක්ලික් කරන්න.
ඉන්පසු පහත පරිදි  form එකක් ලැබෙන අතර එය නිවරදිව එය පුරවා ක්‍රියේට් එකවුන්ට් ක්ලික් කරන්න



ඉන්පසු ඔබගේ email  එකට ගොස් plimus හරහා ලැබෙන email එකෙන් ඔබගේ ගිනුම තහවුරුකරන්න.දැන්  user name, password ලබාදී ගිනුමට ලොග් වන්න
එහ  select the method ක්ලික් කරන්න



එහි plimus pripaid master card තොරා  submit කරන්න


ඉන්පසුව ලැබෙන form  එක නිසි පරිදි පුරවන්න.දින 20 පමට ඇතුලත ඔබට  plimus prepaid mastercard  පත ලැබේ.

මේ අපට ලැබුන කාඩ් පත