Friday, March 11, 2011

Alertpay මගින් මුදල් ලබා ගන්නෙ කොහොමද?Bank Wire එකක් මගින්

Alertpay වලින් මුදල් ලබා ගන්නෙ කොහොමද යන මාතෘකාව යටතේ පටන් ගත්තු ලිපි පෙළේ දෙවැනි ලිපිය තමයි මේ.පළමු ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න.
මූලික ලිපියෙන් පැහැදිළි කලේ චෙක්පතක් මගින් මුදල් ලබාගන්නෙ කොහොමද කියලයි.අද මම පැහැදිළි කරන්නෙ Bank Wire එකක් මගින් මුදල් ලබා ගන්නෙ කොහොමද කියලයි.මේක හරි ඉක්මන් ක්‍රමයක්.මුදල්  Withdraw කරල දින 7කින්(සෙනසුරාදා,ඉරිදා දින හැර.)ඔබේ බැංකු ගිණුමට මුදල් බැර වෙනව.නමුත් මෙහිදී මම කියන්නම ඕනෙ ඉතාමත් සුළු පරිමානයෙන් මුදල් හොයන කෙනෙකුටනම් මේ ක්‍රමය හරි යන්නෙ නැහැ.මොකද මේ ක්‍රමයෙන් මුදල් ලබා ගන්න $15ක් වැනි මුදලක් වැය වෙනව.උදාහරණයක් විදියට ගත්තොත් ඔයාල $115ක් Withdraw කලොත් ඔයාලට ලැබෙන්නෙ $100ක මුදල් පමණයි.ටිකක් වැඩිපුර මුදල් හොයන කෙනෙකුටනම් මේක මහ ලොකු ගාස්තුවකුත් නෙවෙයි.මොකද මුදල් ඉක්මනින් ලැබෙන නිසා.
හොදයි මේ විදියට මුදල් ලබා ගන්න කැමතිනම් ඔබ මුලින්ම ඔබේ Account එකට Log වෙන්න.දැන් Add a Bank Account Click කරල ඔබේ Bank Account එක Add කරන්න ඕනෙ.
Add a Bank Account Click කලාට පස්සෙ මේ විදියෙ Page එකක් එනව.
Country ඔබේ රට තෝරන්න.
Currency U.S .Dollars තෝරන්න.
Account Type ඔබේ බැංකු ගිණුම් වර්ගය තෝරන්න.(ඉතිරි කිරීමේ ගිණුමක් නම් Personal Savings)
First name අවශ්‍යනම් මුල් නමෙහි යම් වෙනසක් සිදුකල හැකියි.(ඔබ Alertpay ගිණුමට ලබා
දුන් මුල් නම සහ  ඔබගේ බැංකු ගිණුමේ මුල් නම වෙනස් නම් එය හදන්නට
පුලුවන්)
Last Name මෙය වෙනස් කල නොහැකියි.
Account Number. ඔබේ බැංකු  ගිණුම් අංකය ලබාදෙන්න.
Bank Code. ඔබේ බැංකු ගිණුම අයත් බැංකුවේ code එක.මෙය බැංකුවෙන් බැංකුවට වෙනස්.
Sampath Bank         7278
People’s Bank          7135
BOC Bank               7010
Seylan Bank             7287
(මෙය ඔබේ බැංකුවෙන් ලබා ගත හැකියි.)
Branch Code (ඔබේ ශාකාවෙන් විමසා දැන ගත හැකියි.)

SWIFT BIC (මෙය ඔබේ බැංකුවෙන් ලබා ගත හැකියි.)
Sampath Bank          BSAMLKLX
Commercial Bank CCEYLKLX
People’s Bank PSBKLKLX
Bank Name බැංකු  වේ නම
Bank Phone Number ඔබේ බැංකු ශාඛාවේ දුරකථන අංකය
Bank Contact Name ඔබේ බැංකුවෙ නම පමණක් යෙදීම ප්‍රමාණවත්.කලමණාකරුගේ නම යොදන්නටත් පුළුවන්.
සියල්ල සම්පූර්ණ කිරීමෙන්  පසු Next Click කරන්න.Next Click කිරීමෙන් පසු ඔබ ඇතුළත් කල තොරතුරු පහත සදහන් පරිදි ලැබෙනු ඇති.නිවැරදිතාවය පරික්ෂා කර බලා.Add Bank Account යන්න Click කරන්න. 
ඔබේ Account  එක Add කල පසු මෙවැනි පණිවිඩයක් ලැබේවි.
දැන් ඔබට ඔබ Add කල Account  එකට ඔබේ මුදල් Withdraw කරන්නට පුළුවන්.ඒ සදහා Account එකේ Withdraw Click  කරන්න.

පහත සදහන් පරිදි ලැබෙන Page එකෙහි ඔබ Withdraw කිරීමට අදහස් කරන මුදල ඉලක්කමෙන් Type කර  Next Click කරන්න .Details යන තැන හිස්ව තබන්න.

ඉන්පසුව ඔබේ Transaction Pin එක ඇතුළත් කර Withdraw යන්න Click කරන්න.
එවිට ඔබට පහත සදහන් පරිදි පණිවිඩයක් ලැබෙනු ඇති.
Cancel Transaction යන්න Click කලහොත් ඔබ සිදුකල ක්‍රියව අවලන්ගු වී Withdraw කල මුදල් යලිත් ඔබේ Alertpay ගිණුමට ලැබෙනවා.
මෙම ක්‍රියාව ඔබේ Alertpay Account එකේ සදහන් වෙන්නේ මේ විදියටයි.
Pending  යනුවෙන් සටහන් වෙන මෙම ගණුදෙනුව දින 4කට පසු Completed යනුවෙන් සටහන් වෙනවා.
ඉනුත් දින 3කට පසුව ඔබේ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමට මුදල් බැර වෙනවා.ඔබ මේ පිළිබදව බැංකුවට දැනුම් දීමක් හෝ විමසීමක් අවශ්‍ය වන්නේ නැහැ.
තව දෙයක් මෙහිදී සදහන් කල යුතුයි.මා ගණුදෙනු කරන්නේ සම්පත් බැංකුවෙන්.සම්පත් බැංකුවේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට මෙලෙස Bank wire එකකින් මුදල් යවන්නට පුළුවන්.නමුත් වෙනත් බැංකු ගිණුමක් ඔබට හිමියි නම් මෙය සිදු කිරීමට පෙර අදාල බැංකුවෙන් විමසීමක් කරන එක සුදුසුයි.මා දන්නා තරමින්නම් ලංකාවේ ඕනෑම ගිණුමකට මේ විදියට මුදල් යවන්නට පුළුවන්.
Credit Card සහ Debit Card මගින් මුදල් ලබා ගන්නේ කෙසේද කියා මීළග ලිපියෙන් පැහැදිළි කර දීමට බලාපොරොත්තු වෙනවා.එහෙනම් ඔබට ජය.නොදන්න ඕනෙම දෙයක් අපෙන් විමසන්න.