Friday, March 11, 2011

Alertpay මගින් මුදල් ලබා ගන්නෙ කොහොමද? චෙක්පතක් මගින්

Alertpay වල Register වෙලා මුදල් හොයන හුගක් අයට තියෙන ලොකුම ගැටළුව තමයි තමන්ගෙ මුදල් ආරක්ෂිතව තමන් අතට ගන්නෙ කොහොමද කියන එක.හුගාක් අයගෙ ඉල්ලීම මත Alertpay වලින් මුදල් ලබා ගන්නා ක්‍රම ගැන ලිපි පෙලක් ලියන්න මම අදහස් කලා.ඒක මේ පිළිබදව උනන්දු හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව.
හැබැයි දැන් Alertpay මගින් Debit Card එකක් ලබාදෙනව.ඒක තවම හැම කෙනෙකුටම ලබා ගැනීමේ හැකියාවක් නැහැ.ඉදිරියේදී මෙය හැම කෙනෙකුටම ලැබෙයි.
එතකොට මේ එක ක්‍රමයක්වත් නැතුව ලෝකයේ ඕනැම තැනකින් මුදල් ලබා ගැනීමේ පහසුකම ඔයාලට ලැබෙනව.එම පහසුකම අපි හැමෝටම ලැබෙනතුරු පහත සදහන් ක්‍රම වලින් මුදල් ලබාගන්න ඔයාලට පුලුවන්.
හොදයි එහෙමනම් මුලින්ම බලමු Alertpay වලින් මුදල් ලබා ගන්න ක්‍රම කීයක් තියෙනවද කියල.Alertpay Account එකට Log වෙලා Withdraw Click කලොත් ඔයාලට පෙනේවි මේ සදහා ක්‍රම 3ක් තියෙන බව.

මුලින්ම අපි බලමු පහසුම සහ ලාභදායීම ක්‍රමය වන චෙක්පතක් මගින් කොහොමද අපේ මුදල් ලබාගන්නෙ කියල.මෙහිදී ඔයාලගෙ ගිණුමේ අවම වශයෙන් $ 20ක් හෝ ඊට වැඩි මුදලක් තියෙන්න ඕනෙ.චෙක්පතක් ගෙන්වා ගැනීමට ඔබට $4ක මුදලක් වැය වෙනව.ඒ කියන්නෙ ඔබ $24ක් Withdraw  කලොත් $20ක මුදල් තමයි ඔබට ලැබෙන්නෙ..

1.ඔබේ ගිණුමේ Withdraw Click කරන්න.


2.Mail යටතේ ඇති Check  Click කරන්න.
3.From Balance ඉදිරියෙහි US Dollars තෝරන්න.Amount ඉදිරියෙන් ඔබ චෙක්පතින් ලබා ගැනීමටබලාපොරොත්තු වන මුදල Type කරන්න.Details තීරුව හිස්ව තබන්න.දැන් Next Click කරන්න.
4.ඉන්පසු ඔබට පහත සදහන් පරිදි ඔබ ඇතුළත් කල තොරතුරු ලැබේවි. Transaction Pin .යන ස්ථානයෙහි ඔබේ Alertpay Pin එක ඇතුළත් කර Withdraw Click කරන්න.
5.ඉන්පසු ඔබගේ ගණුදෙනුව සිදුවූ බවට පහත සදහන් පණිවුඩය ලැබේවි.
මෙසේ චෙක්පතක් Withdraw කර දින 14කින් පමණ ඔබගේ චෙක්පත නිවසටම ලැබෙනවා.චෙක්පත ලැබුනු පසු එය ඔබගේ බැංකු ගිණුමේ තැන්පත් කල යුතුයි.මෙසේ තැන්පත් කිරීමට පෙර ඔබ තවත් එක්දෙයක් කල යුතුයි.චෙක්පතෙහි අංක 6කින් යුතු Code එකක් ඇතුළත් වෙනවා.චෙක්පත ලැබුනු පසු ඔබ ඔබේ ගිණුමෙහි  Profile click කරන්න.
*දැන් Personal යටතේ ඇති Verifications Click  කරන්න.
 .
*දැන් Chech Withdrawal යන ස්ථානයෙහි ඔබේ Code එක Enter කර චෙක්පත Validate කරන්න.
දැන් ඔබට පුළුවන් ඔබේ චෙක්පත බැකු ගිණුමෙහි තැන්පත් කිරීමට .මෙසේ තැන්පත් කර දින 21ත් දින 30ත් ඇතුළත ඔබේ ගිණුමට මුදල් එකතු වෙනවා.මෙය ඉතාමත් දීර්ඝ කාලයක් ලෙස දැනුනත් හැම මාසයකම චෙක්පතක් Withdraw කල විට හැම මාසයකම ඔබේ ගිණුමට එම මුදල එකතු වෙනව.හරියටම කිව්වොත් මාසිකව වැටුපක් ලබනව වගෙයි.